එළඹෙන අයවැයෙන් පසුව, එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැංවීමට නියමිත නව දේශපාලන සන්ධානයට, ශ‍්‍රී නිදහස් පක්ෂයද එක්කරලීම සඳහා එම පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මේ වන විට සැලසුම් කර ඇත.
මේ අනුව ඉදිරි මැතිවරණවලදීද, එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ නව
සන්ධානය හා ශ‍්‍රීලනිපය එක්ව තරග කිරීම සඳහා යොමු කරලීම මෙම ශ‍්‍රීලනිප අමාත්‍යවරුන්ගේ සැලසුම වී ඇති බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු රිවිර ඉරිදා සංග‍්‍රහයට අනාවරණය කළේය.
ශ‍්‍රීලනිපයේ ඉහළ නිලතල දරන මෙම අමාත්‍යවරුන් පිරිස, තම සැලසුම් සඳහා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමට මේ වන විටත් විශේෂ උත්සාහයක නිරතවෙමින් ඇති බවද දැනගන්නට ඇත.
පළමුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙම සන්ධානයට එක්ව පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වීම මෙම අමාත්‍යවරුන්ගේ සැලසුම වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.
දැනටමත් එක්සත් ජාතික පක්ෂය හා මෙම ශ‍්‍රීලනිප අමාත්‍යවරුන් පිරිස අතර මේ පිළිබඳ සාකච්ජා ආරම්භ වී ඇත.
තම සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා මේ වන විට මෙම අමාත්‍යවරුන් පිරිස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ මෙහෙයුමක්ද ආරාම්භ කර ඇති බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයා පැවසීය.
-රිවිර
Saturday, September 29, 2018
එජාපෙ හදන සන්ධානයට යන්න ශ්‍රීලනිප ඇමැතිවරු සැලසුම් හදති
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide