වැටුප් විෂමතා කොමිසම අද සිට වැඩ අරඹයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 3, 2018

වැටුප් විෂමතා කොමිසම අද සිට වැඩ අරඹයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කොළඹ මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පරිපාලන ආයතන
ගොඩනැගිල්ලේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසමේ සාමාජිකයෙකු සඳහන් කළේය.

ඒ අනුව මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාවක් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතයි.

සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.

අගෝස්තු 20 වනදා සිට මාස 02ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතයි.