2020 පොදු අපේක්ෂකයා පොලිස්පති ද? - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, September 21, 2018

2020 පොදු අපේක්ෂකයා පොලිස්පති ද?

2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීනීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍යවේදීන් විසින් 2020 පොදු අපේක්ෂකයා ලෙස
පොලිස්පතිවරයා ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින්නේ ද යනුවෙන් ප්‍රශ්න කිරීමේ දී එයට පිළිතුරු ලබා දෙමිනි.

පොලිස්පතිවරයාට සින්දු කීමට, කථා කිරීමට හොඳ හැකියාවක් ඇති නමුත් දේශපාලනයට එන්න එය සුදුසුකමක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

රටේ හැමදාමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය වන්නේ අවසන් මොහොතේ බවත්, පසුගිය ජනාධිපතිවරයේ දී ඒ බව මනාව පිළිහිඹු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැටළුවක් බවත්, ඒ රාජපක්ෂ පවුල නියෝජනය කරන කෙනෙක් වෙයිද? යනුවෙන් ද ප්‍රශ්න කර සිටි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි යනුවෙන්ද කියා සිටියේය.