අගමැති ඉල්ලූ වාර්තාවක් අද අගමැති කාර්යාලයට - වාර්තාවේ කරුණු මත අගමැති තීරණාත්මක සාකච්ඡාවකට සූදානම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, September 12, 2018

අගමැති ඉල්ලූ වාර්තාවක් අද අගමැති කාර්යාලයට - වාර්තාවේ කරුණු මත අගමැති තීරණාත්මක සාකච්ඡාවකට සූදානම්

මහ බැංකු බැඳුම්කර සිද්ධියට පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායකගේ පැවැති සම්බන්ධය පිළිබඳ නීතිපතිවරයාගේ විශේෂ වාර්තාවක් අද (12) දිනයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාර දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිපතිවරයාට කළ දැනුම් දීමකට අනුවයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාවල
කරුණු පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක ඊට ඇති සම්බන්ධය පිළිබඳ නිරික්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙසටයි අග‍්‍රාමාත්‍යවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව නීතිපතිවරයාගේ ලිඛිත කරුණු දැක්වීම අද දහවල් 12.00ට පමණ අගමැති කාර්යාලයට ලැබෙනු ඇති බවටයි වාර්තා වුණේ.

අදාළ වාර්තාවේ කරුණු පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායකට යළි අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවටද පැවසෙනවා. ඒ පිළිබඳ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇතැයි සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායකට යළි අමාත්‍යධූරයක් ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සති අන්තයේ තිරණය කරනු ඇති. ඒ, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් පසුවයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම සංචාරයෙන් පසු මෙම තීරණාත්මක හමුව සිදු වනු ඇති.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පෙනී සිටියා. ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙනුයි ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණේ.

අදාළ සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා. මීට පෙර අවස්ථා කිහිපයකදී රවි කරුණානායක මන්තී‍්‍රවරයාට යළි අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වුවද එවැනි අමාත්‍යධූරයක් මෙතෙක් ඔහුට හිමිවූයේ නැහැ