ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CIDයට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, September 21, 2018

ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CIDයට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා, ප්‍රබල පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් ලවා ඝාතනය
කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු...

අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධියකට අදාළව සිදුවන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි. මෙම කැඳවීමට අදාළ දිනයක් ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙනු ඇති බවද එකී ආරංචි මාර්ගයන් කියා සිටී.