ජන බලය කොළඹට-පොලීසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 4, 2018

ජන බලය කොළඹට-පොලීසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හෙට දින ජනාධිපතිවරයා සිය නිල
නිවස අවට මාර්ගවල රැස් වී උද්ඝෝෂණය කරමින් පන්දම් දල්වා ජනාධිපතිතුමාට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි උද්ඝෝෂණය කිරීමට සූදානම් බවයි.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බවයි.

එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව කියා සිටියේය.

මෙම චෝදනාව සනාථ කිරීම සඳහා පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

පොලීසිය විසින කරුණු ලබන මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ,දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබුණි.