ගම්මිරිස් මිල අඩු වෙන්න හේතුව ජාවාරමක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, September 26, 2018

ගම්මිරිස් මිල අඩු වෙන්න හේතුව ජාවාරමක්

දිගින් දිගටම ගම්මිරිස් මිල පහළයාමට හේතු ගනණාවක් බලපා ඇතැයි ගොවි සංවිධාන පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ප‍්‍රමිතියෙන් උසස්ම ගම්මිරිස් යන නාමය මේ වනවිට මෙරටට අහිමි වෙමින් ඇති බවයි.

මෙරට ගම්මිරිස් නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 20,000කට අධිකයි. ඉන්
මෙටි‍්‍රක් ටොන් 2500ක් යොදා ගැනෙන්නේ පරිභෝජනය සඳහායි. අපනයනය කරන ගම්මිරිස් අතරින් මෙටි‍්‍රක් ටොන් 6000ක්ම ඉන්දියාව විසින් මිලදී ගනු ලබනවා.  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ගම්මිරිස් ගැනුම්කරුවා වන්නේ ඉන්දියාවයි.

2017 වසරේ මාර්තු මාසය වනවිට ඉන්දියාව, මෙරට ගම්මිරිස් ටොන් එකක් සඳහා ඩොලර් 10,885ක් ගෙවා තිබෙනවා. එහෙත් මෙම වසරේ ජූලි මාසය වනවිට එම මිල ඩොලර් 5500ක් දක්වා අඩු වී ඇතැයි සඳහන්.

මෙලෙස දිගින් දිගටම ගම්මිරිස් මිල අඩු වන්නේ මන්දැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "වියට්නාමය බංග්ලාදේශය වගේ රටවල ගම්මිරිස් අපේ රටට ගෙන්නලා අපේ ප්‍රමිතියෙන් උසස් ගම්මිරිස් සමග එකතු කරලා ප්‍රතිඅපනයනය කිරීම අපේ ගම්මිරිස් මිල අඩු වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. දැන් අපි කොච්චර හොඳ ගම්මිරිස් යැව්වත් අපේ ගම්මිරිස් බාල්දු වෙලා තියෙන්නේ." බවයි.

මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් රටට ද එය අපකීර්තියක් බවයි ඔහු පැවසුවේ.

කූඨ ලෙස සිදු කරන ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් තමන් පීඩාවට පත්ව සිටින බව දේශීය ගම්මිරිස් වගාකරුවන්  ප‍්‍රකාශ කළා. මෙරට ගම්මිරිස් වගාවෙන් ජිවිකාව ගෙන යන පිරිස ලක්ෂ 04කට ආසන්නයි.