ජනාධිපතිවරයා බරපතල තීන්දු රැසක් ගැනීමට යයි ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 24, 2018

ජනාධිපතිවරයා බරපතල තීන්දු රැසක් ගැනීමට යයි !

එක්සත් ජාතීන්ගේ 73 රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීමට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, යලි දිවයිනට පැමිණි වහාම බරපතල දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව බරපතල මුල්‍ය හා අක්‍රමිකතා චෝදනාවන්ට ලක්ව සිටින
ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ශ්‍රීලනිපයේ ප්‍රබලයකු ද ඒ අතර සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එසේම, දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් තමන් යටතට පවරා ගැනීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

ඊට අදාල මුලික ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භකර ඇති අතර ඉලක්කයට ලක්ව සිටින ඇමතිවරුන්ගේ අක්‍රමිකතාවන්ට අදාල තොරතුරු මේවනවිටත් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයකට ලැබී ඇත.

පොලිස්පති පන්නා දැමීමට පාර්ලිමේන්තුවට මෝසමක් !

මේ අතර සමාජය තුල දැඩි ලෙස අපකීර්තියට පත්ව සිටින පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වහාම එම තනතුරින් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ඒ සඳහා පොලිස්පති ධූරයෙන් පහ කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් කිරීමට මේවනවිට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි පැවසේ.