DIGගේ ප්‍රකාශය පුස්සක් වෙයි: සංවාදය වීඩියෝ කළා යැයි රථ වාහන පොලිස් නිලධාරියා රියදුරුට පහර දෙයි (VIDEO) - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 18, 2018

DIGගේ ප්‍රකාශය පුස්සක් වෙයි: සංවාදය වීඩියෝ කළා යැයි රථ වාහන පොලිස් නිලධාරියා රියදුරුට පහර දෙයි (VIDEO)

රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු පසුගියදා පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරු විය. මේ පොලිස් නිලධාරියා නාරාහේන්පිට පොලීසියට අනියුක්තව සේවය කරන නිලධාරියෙකු බව මේ වන විට හෙළිව තිබේ.

අදාළ සිද්ධියට මුල් වී ඇත්තේ මාර්ග නීති කඩ කළා යැයි පවසමින් රථ වාහනයක් නැවැත්වීම
සම්බන්ධයෙනි.

වාහනයේ රියදුරු පොලිස් නිලධාරියා සමඟ තර්ක කරමින් පවසා සිටින්නේ තමන් මාර්ග නීති කඩ නොකළ බවයි.

ඒ අවස්ථාවේදී රියදුරා විසින් එම සංවාදය වීඩියෝගත කිරීමට උත්සාහ ගත් අතර එය නතර කරන ලෙස පොලිස් නිලධාරියා විසින් රියදුරුට බලපෑම් කළ අතර වීඩියෝගත කිරීම නැවැත්වීමට පොලීසියට අයිතියක් නැතැයි රියදුරු විසින් පෙරලා ප්‍රශ්න කිරීමත් සමඟ කෝප වූ පොලිස් නිළධාරියා එම රියදුරාගේ දුරකථනය උදුරා ගැනීමටත් රියදුරුට පහර දීමටත් උත්සාහ ගන්නා ආකාරය එම වීඩියෝවේ පැහැදිලිව පටිගත වී ඇත.

රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගිය සතියේදී මාධ්‍ය සාකච්ජාවක් අමතමින් කියා සිටියේ සිවිල් වැසියන්ට රථ වාහන පොලීසීය සමඟ කරන කතා බහ වීඩියෝ හෝ ශබ්ධ ලෙස පටිගත කිරීමේ සම්පුර්ණ අයිතිය ඇති බවයි.

“ඔවුන් කරන දේවල් පටිගත කිරීම සඳහා පසුබට වෙන්න එපා. ඔබ සංවාදයේ දී සිටින විට වීඩියෝගත කිරීම අපහසු නම් අඩුම තරමින් ශබ්දයවත් පටිගත කරන්න.”යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එවැනි සාක්ෂි, වැරදි කරන ඇතැම් පොලිස් නිලධාරීන් සිදු කරන වැරදි අවම කර ගැනීම සඳහා උපකාරී වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එවැනි පටිගත කිරීම් වෙතොත් ඒවා තමන් වෙත එවන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඒවා සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන බවද නියෝජ්‍ය පොලිස්පති, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ, අජිත් රෝහණ මහතා පවසයි.

කෙසේ නමුත් කරුණු එසේ තිබියදී රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ප්‍රසිද්ධියේම ගණන් නොගෙන බැහැර කරන පෙර කි නාරාහේන්පිට පොලිසියේ නිලධාරියාගේ ක්‍රියාකලාපය සහිත වීඩියෝව පහතින්,