පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදී - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 25, 2018

පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදී

ඓතිහාසික පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ල අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව සීගිරිය පොලීසිය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත අනුව මෙම
ඡායාරූපයන්ට පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි.