ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 25, 2018

ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය.

වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද ඒ මහතා කියා සිටියේය.

වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට
එක් වූ බවත් දැනට ඇතිකරගෙන ඇති එකඟතා මත ශ්‍රී.ල.නි.ප සංවිධායකකම අහිමි වුවත් මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සංවිධානයකට ලබා ගන්නා බවද පැවසීය.