එළඹෙන 10 වැනිදා ඉන්ධන මිලේ සංශෝධනය ගැන අනාවැකියක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 24, 2018

එළඹෙන 10 වැනිදා ඉන්ධන මිලේ සංශෝධනය ගැන අනාවැකියක්

රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම නිසා ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

හදුන්වා දී ඇති නව මිල සුත‍්‍රය අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. ඒ අනුව ඉකුත් 10 වැනිදා අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණු අතර
ලබන 10 වැනිදා ඉන්ධන මිල නැවත සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා. එහිදී ද ඉන්ධන මිලෙහි වැඩිවීමක් මිස අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ මේ බව පෙන්වා දුන්නා.

රුපියලේ කඩා වැටීම හේතුවෙන් තෙල් මිල පමණක් නොව තෙල් ප්‍රවාහන මිල..පිරිපහදු මිල ගණන් පවා ඉහළ යන තත්ත්වයක් දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල අවප‍්‍රමාණය වීම නිසා ආනයන ද්‍රව්‍යවල මිල ඉහළ ගියද අපනයනකරුවන්ට මෙය සුබදායි තත්වයක් බව ඇතැම් අය පෙන්වා දෙනවා. එහෙත් සෑම අපනයනකරුවෙකුටම එම වාසිය ද හිමි නොවන බවයි ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පැවසුවේ.

කිසියම් රටක මුදල් ඒකකය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම ආයෝජකයින් අධෛර්ය වීමට හේතුවක් වන බවද මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කෙරුණා.

ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව ඉකුත් සිකුරාදා ගනුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුමි මිල සඳහන් වුයේ රුපියල් 170යි ශත 65ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 166යි ශත 78ක් වුණා.