බස්නාහිර බස්වලට විශේෂ චාරිකා තහනම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 1, 2018

බස්නාහිර බස්වලට විශේෂ චාරිකා තහනම්

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන කටයුතුවල නිරත නිත්‍ය බලපත්‍රලාභී පෞද්ගලික බස් රථ සඳහා අද (01) සිට ලබන 8 වන දා දක්වා බස් රථ විධිමත් කිරීමේ විශේෂ ආදර්ශ සතියක් ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න  සදහන් කළේ අද සිට ලබන 8 වන දා අදාල බස් රථවලට
විශේෂ චාරිකා තහනම් කර ඇති බවයි.

මෙම ක්‍රියාපටිපාටියට අනුව කටයුතු නොකරන්නේ නම් එවැනි බස් රථවල ගමන් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන්   සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්  කියා සිටියේ තම සංගමයටද ඊට අදාළ ලිපියක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් දේශපාලන අරමුණකින් යුතුව මෙම කටයුතු කරන්නේ නම් එවැනි කාරණාවලට තම සංගමය එකඟ නොවන බවද සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන “ජන බලය කොළඹට” විරෝධතා පාගමන ද පැවැත්වෙන්නේ විශේෂ චාරිකා තහනම් කොට ඇති මෙම කාලය තුළයි.

එනම් ලබන 5 වැනි දා යි.