ඒකාබද්ධයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 8, 2018

ඒකාබද්ධයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්

වහා මැතිවරණයක් පවත්වන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මාස දෙක ඇතුළතදී කොළඹ නගරයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය
ඉකුත් 05 දා පැවැත්වූ විරෝධතාවෙන් පසු මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට තීරණය කළ බව හෙතෙම කීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙය සංවිධානය කරන අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි