පොලිස්පතිට හා පොලිස් කොමිසට ව්‍යවස්ථාදායක සභාවෙන් කැඳවීමක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, September 7, 2018

පොලිස්පතිට හා පොලිස් කොමිසට ව්‍යවස්ථාදායක සභාවෙන් කැඳවීමක්

ජාතික පොලිස් කොමිසම ලබාදුන් නියෝග 10ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අද(07) ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච් මනතුංග මහතා
කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීම අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද පස්වරු 02.30ට ව්‍යවස්ථාදායක සභාව රැදස්විමට නියමිතයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතයි.

කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින් වෙයි