නිදහස් කරන තුරු රැවුල නොකැපීමට ඥාණසාර හිමි තීරණය කරයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, September 26, 2018

නිදහස් කරන තුරු රැවුල නොකැපීමට ඥාණසාර හිමි තීරණය කරයි

තමන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

උන්වහන්සේ ඊයේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඥානසාර හිමියන් යළි රෝහල් ගත කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීම හේතුවෙන්.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් සය මසක සිරදඩුවමට එරෙහිව ඥානසාර හිමියන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනා පෙත්සම යළි සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.