රජයේ මැති ඇමතිලාට හා මන්ත්‍රීලාට රටයාමේ තහංචියක් ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 24, 2018

රජයේ මැති ඇමතිලාට හා මන්ත්‍රීලාට රටයාමේ තහංචියක් !

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන විට රජයේ මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම තහනම් කර තිබේ.

මේ තීන්දුව ගෙන ඇත්තේ පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදීය.

කෙසේවුවද, හදිසි වෛද්‍ය හේතු සඳහා හෝ පවුලේ හදිසි අවස්ථාවක්
සඳහා විදේසගවීමට ඔවුන්ට අවසර ලබාදී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත මෙම පියවර ගෙන ඇත.

ඔහු ගණපූරණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවූ අවස්ථා ගණනාවක් කෙරෙහි සැලකිලිමත් වී මේ තීරණය ගෙන තිබේ.

අගමැතිවරයා 2019 අයවැය විවාදයේ දී මේ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට තීරණය කර ඇති බවද පැවසේ.

ඒ ගණපූරණය නොමැති අවස්ථාවක, ඊළඟ දිනයට රැස්වීම කල් දැමීමට හා  සඳහා මුදල් ප්‍රතිපාදන ප්‍රමාද කිරීමට බල කළ හැකිවීම නිසාය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන නොවැම්බර් මස 05 වැනිදා සිය දෙවැනි අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය විවාදය දෙසැම්බර් 08 වැනිදා අවසන් වනු ඇත.

පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කිරීමේ මගක් ලෙස අදාළ සැසිවලට රජයේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සහභාගි නොවී ජනතා අවදානය ඒ වත යොමුකර ගැනීමේ සැලැසුම් හේතුතුවෙන් මේ තීන්දුව ගෙන ඇති බවට ද සැක කෙරේ.