සුමති සමාගමේ රොත්තක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ගිණුම් අංශයේ ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 11, 2018

සුමති සමාගමේ රොත්තක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ගිණුම් අංශයේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකු එම ධූර දැරීමට පෙර සේවය කර ඇත්තේ සුමති සමාගමේ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස මූලික පරීක්ෂණවලින් හෙළිකරගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එහි සභාපතිවරයාව සිටියදී මේ පිරිස ක්‍රිකට් ආයතනයේ සේවයට ගෙන ඇති බවද හෙළිව ඇත.

එසේම, තිලංග මහතා පැමිණි වහාම මූල්‍ය අංශයේ
ප්‍රධානියාව සිටි චන්ද්‍රමාලි කෝරලගේ නැමැත්තිය වයස අවුරුදු 55 එළඹෙත්ම එම තනතුරෙන් විශ්‍රාම යවා ඇති බවද පැවසේ.

ඇය එසේ විශ්‍රාම යවා ඇතත් ඉන් පසුව වයස අවුරුදු 80 ද ඉක්මවූ පුද්ගලයන්ගේ සේවය ක්‍රිකට් ආයතනය ලබාගෙන ඇති බවද පැවසේ.

ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (10) පැමිණිලි කර තිබිණි.

චෝදනා ලබා සිටින මූල්‍ය ප්‍රධානියා අදාළ මුදල් මාරු කිරීමට උත්සාහ කර ඇත්තේ හොංකොං හි පිහිටි බැංකුවක ඔහුගේ පෞද්ගලික ගිණුමකට බවද පැවසේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 5.5 ක මුදල මෙසේ තැන්පත් කිරීමට උත්සාහ ගෙන තිබේ.

අදාල නිලධාරියා මෙම මුදල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස එම රූපවාහිනී ආයතනයට දැනුම්දී ඇති අතර ඒ පිළිබඳව එම ආයතනය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතාගේ උපදෙස් මත පසුගිය වසරක කාලය තුළ සිදු කරන ලද ගිණුම් කටයුතු සම්බන්ධයෙන් විගණනය කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.