පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 22, 2018

පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි..

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමා නීර්ණය වාර්තාව ඉදිරිපත් කිරීම සදහා තවත් මාස දෙකක කාලයක් එම කමිටුව විසින් ඉල්ලා ඇති තිබේ.

ඒ අනුව සීමා නිර්ණ වාර්තාව දෙසැම්බර මාසයේ ඉදිරිපත් වුවහොත් එහි
සංශෝධනද සිදු කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන් ඇත.

එනම් පළාත් සභා මැතිවරණය 2019 වසරේ මුල් භාගයේ පැවැත්වීමට කිසි ලෙසකින් අවස්ථාව නොලැබෙනු ඇති අතර අග භාගයේදීද පැවැත්වේ යයි අදහස් පල කල නොහැක.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප්‍රවෘත්ති නිවේදනයයි.

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වර්ථාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව ගරු කථානායකතුමා වෙත දැනුම් දී තිබේ.

මෙම තත්වය පිළිබඳව සලකා බැලීම සඳහා අද (2018.09.21) පස්වරුවේ ගරු කථානායකතුමා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවන ලදී.

මෙම පක්ෂ නායක රැස්වීමේ දී සමාලෝචන කමිටු වාර්ථාව ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ගතවන්නේ නම් ගත යුතු ඉදිරිපියවර පිළිබඳ අවධානය යොමු කරන ලදී. පක්ෂ නායකයන් හමුවේ ගරු කථානායකතුමා අවධාරණය කලේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

මෙහිදී, ගරු අග්‍රාමාත්‍යතුමන් සඳහන් කලේ සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්ථාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර එහි අදහස් පක්ෂ නායකයන් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගනු ලබන බවයි.

– කථානායක මාධ්‍ය අංශය.