ලිංගික හිරිහැර ගැන රෝසිට පැමිණිල්ලක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 29, 2018

ලිංගික හිරිහැර ගැන රෝසිට පැමිණිල්ලක්

කොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවට නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට පෙරේදා (27දා) පැමිණිලි කළාය.

රාජකාරි කටයුතුවල නිරතවන විවිධ අවස්ථාවලදී ලිංගික
අඩත්තේට්ටම්වලට මුහුණ දී තිබෙන මෙම කාන්තාවන් මෙතෙක් කලක් මෙම කරුණ රහසක් සේ සඟවාගෙන තිබෙන බවදඇය පෙන්වා දෙයි.

ඇස් දෙක ලස්සනයි,ඉඟ ලස්සනයි,සාරිය ලස්සනයි^ කියමින් සේවිකාවන්ට උසුලුවිසුලු කරන ඉහළ නිලධාරීන් තොරතුරු හෙළිදරව් කළහොත් එම කාන්තාවන්අපයෝජනය කර මරා දමන බවට තර්ජනය කර ඇතැයිද මන්ත්‍රීවරිය පැවසුවාය.

මෙම සිද්ධිවලට මුහුණපෑ කාන්තාවන් ලබාදුන් ලිඛිත සාක්ෂි නගරාධිපතිනියට ලබාදුන් බවත්,බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාටද එහි පිටපත් ලබාදුන් බවත් ඇය පවසා සිටියාය.

කොළඹ නගර සභාව තුළ කාන්තාවන්ට රැකියාව කරගෙන යෑමේ අපහසුවක් නිර්මාණය වී තිබෙන බැවින් නගරාධිපතිනිය මැදිහත්ව කමිටුවක් පත්කර පරීක්ෂණයක් පැවැත්විය යුතුබවත්, වැරදි කර ඇති නිලධාරීන් සම්බන්ධව දැඩි තීරණ ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ කරුණු සොයාබලා වැරදි කර ඇති නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඉහළ නිලධාරීන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගන්නා ලෙස මන්ත්‍රීවරුන් දැනුවත් කරන බවත්,මෙය වැදගත් කරුණක් සේ සලකා ඉදිරියේදී කටයුතු කරන බවත් නගරාධිපතිනිය පවසා සිටියාය.