මීලඟ ජනාධිපතිවරණය ගැන බොදු බල සේනාවෙන් විශේෂ තීන්දුවක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, September 27, 2018

මීලඟ ජනාධිපතිවරණය ගැන බොදු බල සේනාවෙන් විශේෂ තීන්දුවක්

මේවන විට බලයේ සිටින පිරිස ඉතා අයහපත් ආකාරයෙන් රට පාලනය කර බවත් බලයට එන්න ඉන්න පිරිස ද සිය කණ්ඩායම තුළම අර්බුද හදා ගනිමින් පිල් බෙදී මංමුලා වූ පිරිසක් බවට පත්ව ඇති පෙනී යන බවත් බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරනවා.

එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ මේවන විට සිරගතව සිටින බොදු බල සේනා
මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පිළිබඳව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

බලයේ සිටින පාර්ශවයත් මීලඟට බලය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයත් මෙවන් තත්ත්වයක පසුවද්දී මෙරට අනාගතය සුබදායී වෙතැයි කිසිදු ලෙසකින් බලාපොරොත්තු විය නොහැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එම නිසා මීලඟ ජනාධිපතිවරණයේ දී විශේෂ තීන්දුවක් ගැනීමට බොදු බල සේනා සංවිධානය අනිවාර්ය සූදානමකින් පසුවන බවත් ඒ හරහා මෙම රට නිවැරදි දිශාවකට ගෙන යා හැකි නායකයෙකු පත් කරගැනීමට කටයුතු කරන බවත් නන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.