අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, September 6, 2018

අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන්

ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් (06) අවසන් වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ 2018 වර්ෂයේ ඡන්ද හිමි
නාමලේඛනයට අදාළ අභියාචනා සහ  විරෝධතා භාරගැනීම අද දිනයෙන් අවසන් වන බවයි.

අද දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගොස් ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි අතර ඉන්පසු මෙම වර්ෂය සඳහා කිසිදු සංශෝධනයක් භාර නොගන්නා බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ සිට ඉදිරිපත් වී ඇති අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පරීක්ෂණ කටයුකු ආරම්භ කිරීමට නියමිතය.

අභියාචනා සහ විරෝධතා සලකාබැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස පළමු සති දෙක ඇතුළත 2018 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට පියවර ගන්නා බව එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.