සෙබලෙකු ඝාතනය සෙබළුන් දෙදෙනාගේ සේවය අත්හිටුවායි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 29, 2018

සෙබලෙකු ඝාතනය සෙබළුන් දෙදෙනාගේ සේවය අත්හිටුවායි

අඹේපුස්ස යුධ හමුදා කඳවුරේ මුර කුටියක් තුළදී යුධ හමුදා සෙබලෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් එම කඳවුරේම සෙබළුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ මූලික පරීක්ෂණ උසාවිය සහ යුධ හමුදා පොලීසිය මගින් ඔවුන් සම්බන්ධයෙන් වන විමර්ශන ආරම්භ කර ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

පරීක්ෂණ වලට අවශ්‍ය තාක්ෂණික සහය පොලීසිය
මගින් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර අදාළ සෙබළුන්ගේ වැටුප් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

පසුගිය 21 වනදා අළුයම අඹේපුස්ස යුධ හමුදා කඳවුර තුළ පිහිටි මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුනේය.

එහිදී එම සෙබලාගේ රාජකාරී ගිනි අවියද පැහැරගෙන ගොස් තිබූ බව සදහන් වේ.

සිද්ධියට සම්බන්ධ එම හමුදා කඳවුරේම සේවය කළ අදාළ සෙබළුන් දෙදෙනා පසුගිය 25 වනදා අදාළ ගිනිඅවිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇ.ත.