යුද්ධය සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය දුන්නට විරෝධතාවක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, September 20, 2018

යුද්ධය සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය දුන්නට විරෝධතාවක්

යුද්ධයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බවට චෝදනා කරමින්  ඩී.එම්.කේ පක්ෂයට සහ ඉන්දීය කොංග්‍රසයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට තමිල්නාඩු පාලක පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තීරණය කර තිබේ.

ඊයේ (19) දිනයේ රැස්වූ එම පක්ෂයේ නියෝජිතයින් මෙම තීරණය ගෙන
ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඩී.එම්.කේ පක්ෂය සහ කොංග්‍රස් සන්ධාන රජය ඊට  ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයෙන් තහවුරු වන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි පවසයි.

මෙයට විරෝධය පළ කරමින් ලබන 25 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධකරුවන් ලෙසට ඉන්දියාව ප්‍රකාශයට පත් කළ යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ හිටපු නායක ජයලලිතා ජයරාම් ද මීට පෙර මෙම ඉල්ලීම කර තිබූ බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.