භික්ෂූන්ට දේශපාලනය කැප නෑ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, August 22, 2018

භික්ෂූන්ට දේශපාලනය කැප නෑ

භික්ෂූන් වහන්සේලාට ගිහියන් සමඟ දේශපාලනය කිරීමට නුසුදුසු බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසයි.

උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

භික්ෂුවගේ බලය හා ගෞරවය පිරිහීම අද වන විට දේශපාලඥයන්ගේ
සෘජු අපවාදයන්ට පත්වීමට තරම් හේතුවී ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශයක් කළ බවත් එම අවස්ථාවේදී රටේ නායකයෙකු දුරකථනයෙන් අමතා තොරතුරු දැනගැනීමෙන් අනතුරුව එය සත්‍යක් නොවන බවට එම අවස්ථාවේදීම ප්‍රකාශ කළ බව මැදගොඩ අබේතිස්ස හිමියන් පැවසූහ.

එය සත්‍යක් හෝ අසත්‍යක් වුවද එය සංවරව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබූ තිබෙන බවද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

අගමැතිවරයා කළ ප්‍රකාශය හා විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ දෙකම වැරදි බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.