රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද නඩු පවරා ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජේයෂ්ඨ අධි නීතිඥ උදාර
කරුණාතිලක මහතා (24දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
ඒ මහතා එලෙස දන්වා සිටියේ 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුව යළි කඳවූ අවස්ථාවේදීය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව කැඳවනු ලැබිණි.
උදර්පනය (සැකකරුවකු එක් රටක සිට තවත් රටකට ගෙන ඒම) යටතේ ශ්‍රී ලංකා රජය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් උදයංග වීරතුංග යන අයට එරෙහිව නඩු පවරා ඇති බවද එම නඩුව වෙනම නඩුකරයක් යටතේ පවරා ඇති බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Monday, August 27, 2018
උදයංග වීරතුංගට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් නඩු දමයි…
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide