යාපනයේ ක්‍රියාත්මක කඩු වලින් සමන්විත කණ්ඩායම් පාලනය කොට මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා අගෝස්තු මස 01 වෙනිදා සිට යාපනය පුරා විශේෂ යතුරුපැදි ඒකකයක් ක්‍රියාත්මක කොට ඇතැයි උතුරු පළාත් බාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම යතුරු පැදි ඒකකය සදහා විශේෂයෙන් පුහුණුව ලත් පොලිස් විශේෂ
කාර්ය බලකායේ යතුරුපැදි දහයක්ද පොලීසියේ තවත් යතුරුපැදි කීපයක්ද පැය 24 පුරාම සේවයේ යොදවා ඇත.
මීට අමතරව සාමාන්‍ය ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 100 දෙනෙකු කඩු කල්ලි නිතරම සැරිසරණ යාපනයේ කෝපායි,මනිපායි, චාවාකච්චේරි ඇතුළු ප්‍රදේශ කීපයකටම යොදවා ඇතැයිද ඔහු පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තොරතුරු හෙළි කළේ ඊයේ (01) යාපනයේදී පොලීසිය විසින් සංවිධානය කළ උත්සවයකට සහභාගී වෙමිනි.
විවිධ නම් වලින් හදුන්වා ගනිමින් යාපනයේ සාමාන්‍ය ජනතාව කඩුවලින් කපා බිය වද්දා ඔවුන්ගේ මුදල් හා දේපල පැහැර ගන්නා ඉතා සුළු පිරිසක් මේ දිනවල යාපනයේ සිටින බව ප්‍රකාශ කළ ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතාම ඉක්මනින් මේ පිරිස අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවද පැවසීය.
යාපනය පුරා සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සියල්ලක්ම ලබා දී ඇති බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් අපරාධකාරී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබෙන කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද අත් අඩංගුවට ගැනීමට ඔවුන්ට උපදෙස් දී ඇතැයිද කියා සිටියේය.
(නෙත් නිව්ස්)
Thursday, August 2, 2018
යාපනයේ ආරක්ෂාවට STF යතුරුපැදි ඒකකයක්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide