මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 64 ක් සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් කෝටි 23,000 (රු 23,012,52,94,453.00) ක් බව වාර්තාවේ. මෙම ව්‍යාපෘති අතර සාමාන්‍ය මාර්ගවල සහ අධිවේගී මාර්ගවල උප කොන්ත්‍රාත් කොටස් සඳහාද ණය ලබාගෙන ඇත.
අධිවේගී මාර්ග සම්බන්ධ කටයුතු සඳහා රුපියල් කෝටි 8,000 ක් පමණ
ලබාගෙන ඇත.
මහජන බැංකුව, ලංකා බැංකුව , ජාතික ඉතිරිකිරීමේ බැංකුව , ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. යන රාජ්‍ය බැංකුවලට අමතරව කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන පෞද්ගලික බැංකුවලින් ද ණය ලබාගෙන ඇත. රාජපක්ෂ පාලන සමයේ 2014 පෙබරවාරි 21 වැනි දින ගන්නා ලද ඇමති මණ්ඩල තීරණයක් අනුව මෙම ණය ලබාගෙන ඇත.
මේ අනුව විගණන වාර්තාවේ තවදුරටත් හෙළි කර තිබූ විස්තරය මෙසේය. “මාර්ග පුනරුත්ථාපනය සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන පරිදි ක්‍රියා කර නොතිබුණු අතර, එක් එක් මාර්ගයට කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය යෝජනාවල අවසන් කොන්ත්‍රාත් මිල තීරණය කිරීම විශේෂයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් (SCAPC) විසින් සිදුකර තිබිණි.”
මෙයින් පැහැදිලි වී තිබෙන්නේ, පිළිගත් නීති රීති කිසිවක් අනුගමනය නොකර ඇමතිවරුන් හිතුමතේ කොන්ත්‍රාත් මිල ගණන් තීරණය කර ඇති බවය.
Monday, August 27, 2018
දේශීය බැංකු හතක සල්ලි මකර කටේ
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide