යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක්! කලු කොඩි ඔසවා උතුරේ ජනතාව විරෝධතාවයක - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, August 23, 2018

යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක්! කලු කොඩි ඔසවා උතුරේ ජනතාව විරෝධතාවයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරයට විරෝධය පලකරමින් යාපනයේ වඩමරච්චි නැගෙනහිර පළාතේ ධීවර සංවිධාන ඊයේ (22) දහවල් එම ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ.

එම විරෝධතාවයට හේතුව වූයේ යාපනයේ මයිලිට්ටි ධීවර වරාය සංවර්ධනය කිරීමට පෙර වඩමාරච්චි ධීවරයින්ගේ ප්‍රශ්න විසදීම අවශ්‍ය
බවත් වඩමාරච්චි ධීවරයින් සදහා වරායක් ඉදිකොට දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට පිළිතුරක් නොමැතිකම නිසා බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

මයිලිට්ටි පළාත්ට වඩා තුන් ගුණයකටත් වඩා විශාල ධීවරයින් පිරිසක් වඩමාරච්චි ප්‍රදේශයේ සිටින බව පව්සන එම ධීවර සංගම් නියෝජිතයෝ යාපනයේ මයිලිට්ටි වරායට පෙර සංවර්ධනය කළ යුත්තේ වැඩි ධීවරයින් පිරිසක් සිටින ධීවර වරායක් බවද කියා සිටිති.

ඔවුන් වසර ගණනාවක සිට කරණු ලබන ඉල්ලීම් වලට ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් විසදුම් නොලැබුණු නිසා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පලකරමින් කලු කොඩි දැමීමට මේ ධීවරයෝ තීරණය කොට තිබුණි.

පළාතේ දේශපාලන නායකයින් ගොස් මේ ධීවරයින් හමුවී කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් කලුකොඩි දැමීම නතර කළ බවත් වඩමරච්චි ප්‍රදේශයේ විරෝධතාවයක් පවත්වා ජනාධිපතිවරයා යාපනයට පැමිණි රැස්වීම වර්ජනය කළ බවත් වඩමාරච්චි ධීවර සංගමයේ නිලධාරීහූ කියා සිටියහ.

දිනසේන රතුගමගේ