"නේවී සම්පත්ගේ" නඩුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිත් ගෑවෙයි : සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්න - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, August 29, 2018

"නේවී සම්පත්ගේ" නඩුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිත් ගෑවෙයි : සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්න

නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් "නේවී සම්පත්" යන අයට රටින් පිටව යාමට සහ සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ හිටපු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන ලෙස
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පුද්ගලයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.