මොණරාගල සර්ලා දෙන්නා උසාවියට රැගෙන යද්දී පාර දෙපැත්තේ පුවරු (PHOTOS) - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Aug 7, 2018

මොණරාගල සර්ලා දෙන්නා උසාවියට රැගෙන යද්දී පාර දෙපැත්තේ පුවරු (PHOTOS)

මොණරාගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ දැරියක් අපයෝජනය කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම යන චෝදනාව යටතේ පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ගුරුවරුන් දෙදෙනා අද (07) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය අසල නිහඩ විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් විසින් මෙම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සිදු කල අතර එම විරෝධතාවට පනහකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.

ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක්ද මෙම විරෝධතාව සඳහා සහභාගී වී තිබුණා.