උසස් පෙළ සිසුවාව පැහැරගෙන නැහැ! සිසුවා පොලිසියට කිව්වේ බොරු - CCTV දර්ශණ වලින් ඇත්ත හෙළිවෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, August 8, 2018

උසස් පෙළ සිසුවාව පැහැරගෙන නැහැ! සිසුවා පොලිසියට කිව්වේ බොරු - CCTV දර්ශණ වලින් ඇත්ත හෙළිවෙයි

තමන්ව කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බවට මෙවර උසස්පෙළ සඳහා පෙනී සිටින සිසුවෙකු පෙරේදා (06) පොලිසියට සිදුකළ පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවට ඊයේ (07) එම සිසුවා විසින්ම පිළිගෙන තිබෙනවා.

මාතර සාන්ත තෝමස් කුමාර විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙවර ගණිත අංශයෙන් උසස්පෙළ සඳහා පෙනී සිටින සිසුවෙකුයි මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක්
ඉදිරිපත්කර තිබුණේ.

ඔහු ඊයේ දිනයේ තමන් පෙනීසිටීමට නියමිතව තිබූ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නොහැකි වූ බව පවසමින් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසියම් පිරිසක් ඊයේ දිනයේ තමන් විභාගය සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තංගල්ල, ගොවියාපාන ප්‍රදේශයේ රඳවාගෙන සිටි බවයි.

එම අවස්ථාවේ තමන් ඔවුන්ට පහරදී පලා ආ බවයි සිසුවා පොලිසියට පැමිණිලි කර තිබුණේ.

අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහි දී අනාවරණ වී තිබෙන්නේ එම සිසුවා තමන් පැහැරගත් බව පැවසූ ස්ථානය පසුකර මාර්ගයේ ඇවිදගෙන ගොස් ඇති බවයි.

එම ස්ථානයේ සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සිසුවා පැහැරගෙන ගොස් නොමැති බවට තහවුරු කරගෙන ඇති පොලිසිය නැවත එම සිසුවාගෙන් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

පසුව අනාවරණ වී තිබෙන්නේ සිසුවා විභාගයට මුහුණදීමට තරම් සුදුසු මානසික මට්ටමක නොසිටීම හේතුවෙන් එය මගහැරීම සඳහා මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු ගණිතය උපකාරක පන්තිද පවත්වන අතර සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නිසි පරිදි සූදානම් නොවීම මෙයට හේතුවී ඇති බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත.

සිසුවා පවසන්නේ දෙමව්පියන් මෙවර විභාගයෙන් තමන්ගෙන් සමස්ත ලංකා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වූ බවයි.

එය ඉටුකරගැනීමට නොහැකිවීම හේතුවෙන් සිසුවා මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක් කරන්නට ඇති බව පොලිසිය පවසනවා.