මෛත්‍රී වැනි නායකයකු පත්කර ගැනීම ගැන අද කණගාටු වෙනවා – මෛත්‍රී ගුණරත්න - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, August 27, 2018

මෛත්‍රී වැනි නායකයකු පත්කර ගැනීම ගැන අද කණගාටු වෙනවා – මෛත්‍රී ගුණරත්න

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත්කිරීමට සිදුවීම පිළිබඳව තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ
නායක මෛත්‍රී ගුණරත්ත මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූයේ පෙරේදා (25දා) පස්වරුවේ මස්කෙළිය, ‘රෝයල්’ රැස්වීම් ශාලාවේදී පැවැති එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා. පාර්ලිමේන්තුවේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියල තියපු ඡන්දයේදී ජනාධිපතිතුමාගේම පක්ෂයෙන් ඒ පනතට විරුද්ධව ඡන්දේ දීල පරාජයට පත් කළා. මේ රටේ ජනතාවට දීපු පොරොන්දුවක් ජනාධිපතිතුමා පැහැදිලිවම කඩකර තිබෙනවා.

එතුමා දීපු පොරොන්දුවක් අනුව එතුමාගේ ඇමතිවරයා ෆයිසර් මුස්තාපා මහතා පනත ගෙනැල්ලා පනතට විරුද්ධව ඡන්දය දෙනවා. එහෙම නම් මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම පනත පරාජය වීමත් සමග හරි නම් එතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය දීල ගෙදර යන්න ඕන. ප්‍රාදේශීය සභා නගර සභා මේ අලුත් ක්‍රමය යටතේ පිහිටුවපු නිසා දූෂණයෙන් තොරව අපිට ප්‍රාදේශීය සභාවක් ගෙනියන්න තිබුණා.

නමුත් අද ප්‍රධාන පක්ෂ සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ගත්තම මේ පක්ෂ දෙකම මොකද කළේ. අලුත් ක්‍රමයට පළාත් සභා පිහිටුවන එක පරාජයට පත් කළා. ඒ අය දැන් පරණ මනාප ක්‍රමයට යන්න හදනවා. මනාප ඡන්ද ක්‍රමය ගෙනාපුවම මොකද්ද වෙන්නේ. මේ රටේ දේශපාලනඥයන් ඇවිත් පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කරන එකයි ඒ අය කරන්නේ.” යැයි පැවසීය.