ප්‍රභාකරන් මියගියත් ඔවුන්ගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකයි - හිටපු මැලේසියානු පොලිස්පති - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Aug 1, 2018

ප්‍රභාකරන් මියගියත් ඔවුන්ගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකයි - හිටපු මැලේසියානු පොලිස්පති

පුරා දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් සිදුකරමින් එල්ටිටිඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරනු ලැබුවත් තවමත් ඔවුන්ගේ දෘෂ්ඨිවාදය සහ ඔවුන්ට අනුකම්පකරන්නන් තවමත් සිටින බව මැලේසියාවේ හිටපු පොලිස්පති මුසා හසාන් පවසනවා.

කොටි සංවිධානයේ දෘෂ්ඨිවාදය සහ ඔවුන්ට සහය දක්වන්නන් තවමත්
සිටීම හේතුවෙන් එය මැලේසියාව ඇතුළු ලොව ඕනෑම රටකට තර්ජනයක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

සිංහල බහුතරය විසින් සුළුතර දමිල ජනතාව මැඩලු බව කියමින් ස්වත්‍රන්ත්‍ර පාලනයක් සදහා උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමට එල්ටිටිඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කටයුතු කිරීම සහ එල්ටිටිඊ සංවිධානය දියත් කළ ප්‍රචාරණ වැඩපිලිවල හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහය මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින දමිල ජනතාවට ඩයස්පෝරාවේ අනුකම්පාව හිමිවූ බව මෙහිදී මැලේසියාවේ හිටපු පොලිස් ප්‍රධානියා පවසා සිටියා.

2004 සහ 2005 වසරේදී මැලේසියාවේ සිට එල්ටිටිඊ සංවිධානයට අරමුදල් එක් රැස් කිරීමට කටයුතු කල නීතිඥයන් සහ ගණකාධිවරුන් වැනි වෘත්තීය පසුබිමක් සහිත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඔහු පවසා සිටියා.

" ප්‍රභාකරන් මියගියත් ඔවුන්ගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මක බව තමන් විශ්වාස කරනවා යැයි මැලේසියාවේ හිටපු පොලිස්පතිවරයා මැලේසියානු පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කර තිබුනා.