සැත්කමකින් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, August 30, 2018

සැත්කමකින් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

වසර 06ක සිර දඩුවමක් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහල වෙත මාරු කර හැරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කලේ  පූජ්‍ය
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්වීම හේතුවෙන් උන්වහන්සේට රෝහලෙන් බැහැර වීම සඳහා අද (30) පෙරවරුවේ අවසර ලබාදුන් බවයි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිත බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් අභියාචනාධිකරණය පසුගිය 08 වනදා ඥානසාර හිමිට වසර 06කින් ගෙවී යන පරිදි වසර 19ක  සිරදඬුවමක් නියම කළේය.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වන රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කර තිබු බව සඳහන්ය.

කෙසේවෙතත් ශල්‍යකර්මයක් සඳහා ඥානසාර හිමි ඒ වන විට ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබීම හේතුවෙන් බන්ධනාගාරය වෙත රැගෙන යාම ප්‍රමාද කිරීමට සිදුව තිබිණි.

ශල්‍යකර්මයෙන් අනතුරුව නියම වූ සිර දඬුවමට අනුව උන්වහන්සේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර ඥානසාර හිමිට නියම වී ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම හෙට (31) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.