ඊයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලැබුණ නඩු තීන්දුව ප්‍රකාරව දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබන හිමියන් වහාම බන්ධනාගාරය භාරයට ගන්නා ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඒ අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කළ යුතු වුවත් 13 වනදා සැත්කමක් කරන බැවින් එසේ කළ නොහැකි බව ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරයෙකු එක හෙළා පවසා ඇති
නිසා මෙම ගැටලුව අද (09) දා දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර විසඳාලන්නට නියමිත බවත් වාර්තාවේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවේ සෙන්ටිමීටර් තුනක ගලක් තිබෙන බැවින් ලබන
13 වැනිදා ශල්‍යකර්මයක් සිදු කර එය ඉවතලන්නට නියමිත බව වෛද්‍යවරයා දන්වා ඇත.
නේවාසිකව ප්‍රතිකාර ලබන ස්වාමීන්වහන්සේට ජම්පරය අදින ලෙස බන්ධනාගාර නිලධාරින් ඉල්ලීමක් කළද, එය ප්‍රතිෂ්ප කර තිබෙන බවද වාර්තා වේ.
2016 ජනවාරි මස 26 වැනිදා එම සිද්ධිය වූ අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අධිකරණයට කළ පැමිණිල්ලට අනුව චෝදනා 4 ක් හිමියන්ට එරෙහිව ගොනු විය.
1. අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම,
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
3. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දීමට බල කිරීම තුළින් අධිකරණයට බලපෑම් කිරීම.
4. අධිකරණ කටයුතුවලට සහාය වීම සදහා නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ ජ්‍යෙෂ්ඨ
නීතිඥ (වර්තමානයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) දිලීප පීරිස් මහතාට බැණ වැදීම මගින් අධිකරණයට අපහාස කිරීම
එම චෝදනාය.
මේ සමිබන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පිටු 53කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට
පත්කළ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට එරෙහි සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් උන්වහන්සේ අදාළ චෝදනා හතරටම වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව 01 සහ 02 චෝදනාවලට වසර හතර බැගින්ද, 03 චෝදනාවට වසර 06ක්ද, 04 වැනි චෝදනාවට වසර 05ක්ද බැගින් චෝදනා හතරට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අභියාචනාධිකරණය, එය වසර 06 කාලයක් තුළ ගෙවීම යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහි නියෝගය සහ දඩුවම සම්බන්ධයෙන් අභියාවයක් කිරීමට බලාපොරොත්තු වන බවත්, එහෙයින් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන උන්වහන්සේට එහිම රැඳී සිටීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඥානසාර හිමියන් වහාම බන්ධනාගාරය භාරයට ගැනීමට කටයුතු කරන්නැයි නියම කළේය.
කෙසේ වෙතත් හිමියන් ජයවර්ධනපුර රෝහලින් බන්ධනාගාර රෝහලට මාරුකිරීමට දැන් නොහැකිව ඇත්තේ ස්වාමීන් වහන්සේගේ වකුගඩුවේ සෙන්ටිමීටර් තුනක ගලක් තිබෙන බැවින් එය ඉවත් කිරීමට 13 වනදා තෙක් සහ ඉන්පසු විවේකයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරයෙකු දක්වන විරෝධය අනුවයි. එය අද 9 දිනයේ නැවත අධිකරණය මගින් විසඳනු ඇත.
Thursday, August 9, 2018
ඥානසාර හිමිගෙ වකුගඩුවේ සෙන්ටිමීටර් තුනක ගලක්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide