ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අද : උන්වහන්සේ රෝහලේ ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, August 8, 2018

ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අද : උන්වහන්සේ රෝහලේ !

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව නඩුව හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී ඊට බාධාවෙන අන්දමට හැසිරීමෙන් උසාවියට අපහාසයක්‌ කළැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (8 දා) පෙරවරු 9.45 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරනු
ලැබුවේ 2016 වසර මුලදී හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසිනි.

අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ශිරාන් ගුණරත්න මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වේ.

නඩු විභාගයේදී දෙපාර්ශවයෙන්ම සාක්‌ෂි ඉදිරිපත් වූ අතර නීතිඥවරු චාචිකව සහ ලිඛිතව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්‌ :

නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාය.

ඔහු කියා සිටියේ නඩු විභාගයක්‌ පැවැත්වෙන විට ඊට බාධාවෙන අන්දමට හැසිරීම අපරාධ නීති සංග්‍රහයේ සඳහන් බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවයි.

නඩුවකට පෙනී සිටින නීතිඥයකුට හැර වෙනත් කිසිවෙකුට අවසරයකින් තොරව උසාවිය ඇමතීමට අයිතියක්‌ නැති බවත් උසාවියට බාධාකිරීමේ ෙච්තනාවක්‌ නැතිව වුවද උසාවියේ කටයුතුවලට බාධා වෙන ආකාරයට හැසිරී ඇත්නම් එය වරදක්‌ බවත් ඥානසාර හිමියන් ඒ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ කර ඇති ප්‍රකාශවලින් උසාවියට බලපෑමක්‌ කර ඇති බවත්ය.

විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියේ දඬුවම් ලැබීමට තරම් බරපතළ වරදක්‌ උන්වහන්සේ කර නැති බවයි.

බලපෑම් කිරීමේ චේතනාවක් තිබුනේ නැහැ :

එදා උන්වහන්සේ උසාවිය අමතා ප්‍රකාශය කර ඇත්තේ ඉතා ගරුසරව ඇතිව 'ගරු ස්‌වාමීනි' යයි විනිසුරුවරයා ඇමතීමෙන් පසුව බවත් නඩුවේ සැකකරුවන් වූ හමුදා නිලධාරීන් කීපදෙනා ඇප පිට මුදා හරින්නැයි උන්වහන්සේ ඉල්ලා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව ඒ තීන්දුව පිළිගන්නේ නැතැයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බවත් උසාවියට අපහාස කිරීමේ හෝ විනිසුරුවරයා අපහසුවට පත්කිරීමේ හෝ ඔහුට බලපෑම් කිරීමේ චේතනාවක් එසේ කර ඇති බවට කිසිසේත්ම සැලකිය නොහැකි බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කීය.

ඥනසාර හිමි රෝහලේ

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හදිසි සැත්කමක්‌ සඳහා පෙරේදා (6 දා) ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුළත් කර ඇත.

උන්වහන්සේගේ වකුගඩුවක්‌ ආශ්‍රිතව සැත්කමක්‌ සිදු කිරීමට ඇති අතර ඊයේ මෙම සැත්කම සිදු කිරීමට නියමිතව තිබිණි.