විශේෂ අධිකරණයේ පළමු නඩුව අසයි.. ගාමිණි සෙනරත්ට ඇප.. නඩුව දිනපතා විභාගයේ… - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, August 24, 2018

විශේෂ අධිකරණයේ පළමු නඩුව අසයි.. ගාමිණි සෙනරත්ට ඇප.. නඩුව දිනපතා විභාගයේ…

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියාව සිටි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකු අද විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

එම රජය සමයේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මිලියන 500ක් අයථා ලෙස
භාවිත කලේ යයි මෙම පිරිස සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මෙම අධිකරණයේ මුල්ම නඩුව ලෙස අද දිනයේ විභාගයට ගැනිනි.

මෙම විත්තිකරුවන් සිවු දෙනාට විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී අද දිනයේ අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ලක්‍ෂයක මුදල්ඇප ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න, චම්පා ජානකී යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම නඩුව කැදවනු ලැබීය.

නැවතත් මෙම නඩුව සැප්තැම්බර් මස 19 දා කැඳවන බව කියූ අධිකරණය විභාග කරන දිනය එදින නියම කරන බවද පැවසීය.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ මෙම නඩුව දිනපතා විභාගයට ගන්නා බවයි.

මෙම අධිකරණය විශේෂ අරමුණක් ඉටුකර ගැනීමට ස්ථාපිත කළ අධිකරණයක් බවද කී සභාපති විනිසුරුවරයා විනිසුරුවරුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ නීතිමය රාමුව තුළ පමණක් යයිද කීය.