උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් වී ඇති බවත් එබැවින් වහාම උතුරෙන් යුද හමුදාව ඉවත් කරන මෙන් විශාල බලපෑමක් රජයට කරන ලෙසත් පවසමින් උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් යුරෝපා
රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
උතුරු, නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්‌ව සිටින යුරෝපා රටවල නියෝජිතයන් හා උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් උතුරු පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලයේදී පැවැති අවස්‌ථාවේදීයි ප්‍රධාන ඇමැතිවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ.
උතුරු නැගෙනහිර පළාත්වල පවතින හමුදා කඳවුරු හේතුවෙන් උතුරු, නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවත්, මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන බවට රජය මුසා බස් පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහු යුරෝපීය නියෝජිතයන්ට පවසා ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දිගින් දිගටම රජය විසින් දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතුරු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටු නොවී ඇති බවයි.
හිටපු LTTE සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ අදාළ පිරිස් රජයේ ඔත්තුකරුවන් බවට පත් කොට ඇති බවත් රජයේ හමුදාවන් වෙත සහයෝගය ලබාදීමේ පොරොන්දු මත අදාළ පිරිස් නිදහස් කිරීමට රජය කටයුතු කරන බවත් හෙතෙම යුරෝපීය නියෝජිතයන් වෙත එහිදී පවසා තිබෙනවා.
විග්නේෂ්වරන් වැඩිදුරටත් පැවසූවේ දෙපාර්ශ්වය අතර උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා උතුරේ ජන ජීවිතය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කළ බවයි.
සාකච්ඡාව වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයෝ 40 දෙනෙක් පමණ පිරිසක් සහභාගි වී සිටියා.
Wednesday, August 22, 2018
ලංකාවට බලපෑම් කරන්නැයි විග්නේෂ්වරන්ගෙන් යුරෝපයට ඉල්ලීමක්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide