විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝඨාභයට එරෙහිව - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, August 24, 2018

විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝඨාභයට එරෙහිව

පසුගිය රජය සමයේ  ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව
නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් ගොනු කළේය.

මැදමුලන දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  රජයට අයත් රුපියල් මිලියන 49 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා එම අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන දෙවැනි නඩුව බවද සඳහන් වෙයි.