අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඞ් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, August 30, 2018

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඞ්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 13 වනදා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව
මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

මේ අතර මෙම සිද්ධියේ පළමු වන සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා සිටි චෝදනා සහ වරෙන්තු නියෝගයේ පිටපත් ලබාදීමට නීතිමය බාධාවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා.