ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහ ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවේ.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, July 9, 2018

ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහ ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවේ..

ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් ඊයේ (08) සවස ඝාතනයට ලක්ව තිබේ.

ඇගේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝතනය සම්බන්ධයෙන් පොලිසිය ඇගේ සැමියා සැකකරුනු ලබයි.

නිවසේ භාවිතයට ගන්නා කතුරකින් පහරදී මෙම
ඝාතනය සිදු කර තිබේ.

පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රියානි දෙදරු මවක වූ අතර ඇගේ පුතුන් ලොශිත හා හසරැල්ය.

වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.

කඳුල නිවන්නම්, සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ඇය විසින් ගායනා කර තිබේ.