හමුදාවට කිසිදු තොරතුරක් නොදෙනු..- විග්නේෂ්වරන් උතුරේ රාජ්‍ය සේවකයන්ට නියෝග කරයි..

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවරධන මධ්‍යස්ථානයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි එහිදී
අදහස් දැක්වූ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් වමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න

ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඕන. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Share:

Advertisement

gossip lanka

Advertisement