අගමැති වගේ සුපිරි දක්ෂයෙක් යළි බිහි වෙන්නේ නෑ - ගම්මන්පිල - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, May 2, 2018

අගමැති වගේ සුපිරි දක්ෂයෙක් යළි බිහි වෙන්නේ නෑ - ගම්මන්පිල

අග්‍රාමාත්‍යවරයා සුපිරි දක්ෂයෙකු බවට කිසිදු විවාදයක් නොමැති බවත්, එසේම ඔහු වැනි දක්ෂයෙකු කෙදිනක හෝ පහළ නොවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ එම කාර්යාලයේදී ඊයේ (01දා) පෙරවරුවේ
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේ වුවද බටහිරට ගැති කෙළි මඬලක් බවට රට පත් කිරීම හරහා අගමැතිවරයාගේ දක්ෂතාව රටට හානියක් ගෙන එන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

"අගමැතිතුමා සුපිරි දක්ෂයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. නමුත් ඒ දක්ෂතාව පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? මේ රට විනාශ කරන්න. බටහිරට ගැති කෙළි මඬලක් බවට පත් කරන්න. අන්න එතනදියි ඔහුගේ දක්ෂතාව රටට හානියක් වෙන්නේ" යනුවෙනි.