ජනපති මෛත‍්‍රී පොදු අපේක්‍ෂක වී ආවත් මීලග ජනාධිපතිවරණය පරාදයි.. විපක්‍ෂය සමග එක්ව මේ ආණ්ඩුව පෙරලා දමනවා..- සුසිල් බර අවි ඔසවයි..

මීලගට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී විපක්‍ෂයේ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු
ලෙස මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් කියා නැතැයිද මෙරට ජනතාව නැවත වතායක් පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නොතබනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මෙවර පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී යෝජනා කරන බවත් එසේ නොවුනහොත් විපක්‍ෂ බලවේග සමග එක්වී දේශපාලන වැඩපිලිවෙලකට යන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Share:

Advertisement

gossip lanka

Advertisement