අලූත් සැසිය අද උත්සව ශ‍්‍රීයෙන් ඇරඹේ… පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, May 8, 2018

අලූත් සැසිය අද උත්සව ශ‍්‍රීයෙන් ඇරඹේ… පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයකින් සභා වාරය අවසන් කරන ලද පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අද දිනයේ ආරම්භ වෙයි.

අද පස්වරු 02.15ට නව සැසිවාරය උත්සව ශ‍්‍රීයෙන් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

පොලිස් අශ්වාරෝහක කණ්ඩායම් සමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අතර
අගමැතිවරයාද පොලිස් රථ පිරිවරා පැමිණීමට නියමිතය.

ඉන් පසු ආචාර මෙඩි මුර 21ක් පැවැත්වීමෙන් පසු නව සැසිවාරය ආරම්භ වෙයි.

අද පාර්ලිමේන්තු සැසිවාරය සාමාන්‍ය ජනතාවට හෝ පාසැල් සිසුනට විවෘත නොවෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනා අද දිනයේ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර එම කණ්ඩායමේ එක් අයෙකු විසින් පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය.