ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? විමසන ඡන්දයක් ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, May 16, 2018

ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? විමසන ඡන්දයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගැනීමට නියමිතය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සදහන් කරන්නේ ජාතික ආණ්ඩුවෙන්
ඉවත් විය යුතු බව වුවත් ඇමති ධුර දරන පිරිස පවසන්නේ තව දුරටත් ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි.

මේ තත්වය මත 17 වැනිදා ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ඉතා තීරණාත්මක වනු ඇති බවද පැවසෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන යෝජනාව ගැන එම මධ්‍යම කාරක සභාවේදී ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇති අතර යෝජනා 15ක පමණ ලිපියක් 16 දෙනාගේ කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිතය.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මෙවර පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී යෝජනා කරන බවත් එසේ නොවුනහොත් විපක්‍ෂ බලවේග සමග එක්වී දේශපාලන වැඩපිලිවෙලකට යන බවත් 16 කණ්ඩායමේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.