මෛත්‍රී මැලේසියාවේ මැතිවරණ කුමන්ත්‍රණයක? - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, May 12, 2018

මෛත්‍රී මැලේසියාවේ මැතිවරණ කුමන්ත්‍රණයක?

ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස මහජන ඡන්දයෙන්  පසුගියදා තේරී පත්වූ 91 හැවිරිදි මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය ලබාගෙන ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහතීර්
මොහොමඩ් මහතා සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳව ද මැලේසියානු මාධ්‍ය වාර්තා කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම හමුව සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මලයාසියානු නිල රාජ්‍ය සංචාරයක් සඳහා 2016 දෙසැම්බර් 17 වැනිදා ගිය අවස්ථාවේදීය.

ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ සිරිසේන මහතා රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව ඇතැයි පැවසේ.

එවකට පැවති නජීප් පාලනය විසින් මහතීර් මොහොමඩ් සහ සිරිසේන මහතා අතර හමුවට බාධා පමුණුවා ඇති බවද පැවසේ.

මෙම හමුව සිදුවී ඇත්තේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාද නොදැනුවත්ව බව අදාල මාධ්‍ය වාර්තා කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා කාමරය තුලදී සිදුකල සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කිහිපයක් මේ වන විට මාධ්‍ය වෙත වාර්තා වී ඇති අතර එහිදී 1980 දශකයේදී මැලේසියාව ගොඩ නැඟීමට ඔහු කල වෙනස් කිරීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

ආර්ථික සංවර්ධනයට මූලිකත්වය ලබාදුන් පසු සියළු ජාතීන් එකතුකළ හැකි බව ඔහු එහිදී කියා සිටි බවද පැවසේ.

වසර  2017 ජනවාරි 08 වැනිදා දෙවසරක ජයග්‍රණය සැමරීම නිමිත්තෙන් මහතීර් මොහොමඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටි බවත්,  ඒ සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගොස් අති බවත් මේ අතර වාර්තා වේ.

සිරිසේන මහතා නව මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට ට්විටර් පණිවුඩයක් ඔස්සේ සුභ පතාද තිබිණි.