දින හැටේ පාලම රෙපෙයාර්එකට මේ ආණ්ඩුවට මාස 6ක් ගිහින් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, May 24, 2018

දින හැටේ පාලම රෙපෙයාර්එකට මේ ආණ්ඩුවට මාස 6ක් ගිහින්

අලුත්වැඩියා කෙරෙමින් පවතින කැලණිය, පට්ටියහන්දියේ ගුවන් පාලමේ වැඩ කටයුතු ලබන අගෝස්තු මාසයේදී අවසන්වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

කෙසේවුවද, අදාළ පාලම ඉදිකර ඇත්තේ  දින 67ක පමණ කාලයකින් වුවද, එහි අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක් මංතීරුවක් වසාදමා මාස
6කට වඩා වැඩි කාලයක් ගතවී තිබේ.

මේ සම්බන්ධයෙන් එහි සභාපතිවරයා පවසන්නේ එම ගුවන් පාලමේ ඇණ කැඩී යාමත් එසේ කැඩුණු ඇණ පැවති තවුවලට නැවත අලුත් ඇණ දැමීමට නොහැකිවීම මේ ප්‍රමාදයට හේතුව බවයි.

එම තත්ත්වය නිසා අලුතින් තවු විද ඇණ දැමීමට සිදුවීම නිසා මේ කාලය ගතවූ බවයි.

ප්‍රමාදය කම්කරුවෝ කුඩුකාරයෝ නිසා ද ?

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ එම පාලමේ අලුත් වැඩියාකටයුතු සිදුකරනු ලබන කොන්ත්‍රාත්කරුවා විසින් එහි කම්කරුවන් ලෙස බඳවාගෙන ඇති වැඩි පිරිසක් හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් බවත්, එම ඇබ්බැහිවීම හේතුවෙන් ඔවුන් දිනකට වරුවක් පමණ කාලයක් සේවය කර අතුරුදහන් වන බැවින් මේ තත්ත්වය ඇතිව ඇති බවයි.

කොන්ත්‍රාත්කරු හෙරොයින් පානයට ඇබ්බැහිවූවන්ම මේ සඳහා යොදවාගෙන ඇත්තේ එම පාලමේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම තරමක අනතුරුදායක බැවින් ඒ සඳහා කම්කරුවන් පැමිණීමේ මැලිකමක් නිසා බවද පැවසේ.