ජනාධිපතිවරණයෙන් පසු රටම අදුරු වුණා.. රටටම අභාග්‍යයක් වුනා.. අපි මහින්දට එක් වෙනවා.. මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට එනවා..- WDJ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, May 14, 2018

ජනාධිපතිවරණයෙන් පසු රටම අදුරු වුණා.. රටටම අභාග්‍යයක් වුනා.. අපි මහින්දට එක් වෙනවා.. මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට එනවා..- WDJ

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රටටම උදා වූයේ අදුරු කාල සීමාවක් බවත් එම කාලයේදී රට ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට එක්වීමෙන් පසු ඔහු වෙනුවෙන්
රත්නපුරයේ සූදානම් කර තිබූ පිලිගැනීමේ උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

එළඹෙන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකින් තරග වදින් බවත් මේ දිනවල ඒ සම්බන්ධයෙන් මූලික සාකච්චා පැවැත්වෙන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.